දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීම හරහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට පණිවිඩයක් ලබාදී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒ අනුව හිටපු ජනපතිවරයා සිතන්නේ ඔහුගේ සහෝදරයෙක් ජනපතිවිය යුතු බවත්, ඔහු අගමැති විය යුතුබවත්, ඔහුගේ තවත් සහෝදරයෙක් කථානායක විය යුතු බවත්, තවත් සහෝදරයෙක් ආර්ථිකය හැසිරවීමේ ප්‍රධානියා විය යුතු බවත් ඔහුගේ පුතා මීළඟ අනුප්‍රාප්තිකයා වි යුතු බවත් යනුවෙන් යැයි අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවට එක්කළ අදහසක දැක්වෙයි.

එසේම හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව මේ වන විට රුපියල් බිලියන 11ක හා රුපියල් මිලියන 33ක මූල්‍යමය වංචා සම්බන්ධයෙන් නඩු විභාග වන බවත් මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

එසේම ශ්‍රී ලංකාමේ මීළඟ ජනපතිවරයා ගෝඨාභය රාජපක්ෂ හෝ වෙනත් රාජපක්ෂවරයෙක් නොවන බවත් මීළඟ ජනපතිවරයා වන්නේ ශ්‍රී ලංකාවේ ඉපිද ශ්‍රී ලංකාවෙන් පළා නොගිය එක්සත් ජාතික පක්ෂය විසින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තෝරා ගන්නා පුද්ගලයෙක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More