දේශීය පුවත්

සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය දඩමීමා කරගෙන මෙරට මුස්ලිම් ජනතාව නීතිමය වශයෙන් අනවශ්‍ය ලෙස පාලනය කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව ක්‍රියා කරන ලෙස මුස්ලිම් ආගමික නායකයෝ ආණ්ඩුවේ සිටින මුස්ලිම් මැති ඇමැතින්ගෙන් ලිඛිත ඉල්ලීමක් කරති.

පසුගියදා දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලියට රුස්වූ දිවයින පුරා සිටිනා මුස්ලිම් ආගමික නායකයන් හා පන්දහසකට ආසන්න මුස්ලිම් ජනතාව මේ සඳහා වන විශේෂ සංදේශයක් එම අවස්ථාවට පැමිණ සිටි මුස්ලිම් මැති ඇමැතින්ට බාර දුන්හ.

නීති මගින් තම සංස්කෘතික අයිතීන් වෙනස් කිරීමට රජය උත්සාහ දරන බව මුස්ලිම් නායකයන් මෙහිදී පෙන්වා දී ඇත.

විවාහ නීති, ඇඳුම පිළිබඳ නීති, පල්ලිවල සිරිත් විරිත් ආදියට රජය මැදිහත් නොවිය යුතු බව ඔවුන්ගේ මතය බව පැවසේ.

මේ අවස්ථාවට ඒ.එච්.එම්. ෆවුසි, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, මුජිබර් රහුමාන්, එස්.එම්. මරික්කාර් ඇතුළු මුස්ලිම් මැති ඇමැතින් රාශියක් එක්ව සිටියහ.



One thought on “මුස්ලිම් නීති වෙනස් කරන්න එන්න එපා – මුස්ලිම් නායකයන් සමග දෙහිවල ජුම්මා පල්ලියට රැස්වූ 5000ක් එක හඬින් කියති”

  1. මුන් චන්ඩි වෙලා තගෙන් වගේ එන්නේ. කොහොමත් විවාහ නීති වෙනස් කරන්න වෙනවා. නැතිනම් අසාධාරණයි. එකම වයස වෙන්න ඕනේ. එක්කෙනෙකුට වඩා බදින්න දෙන්නත් බැහැ. අනිවාර්යයෙන්ම.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More