ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිතයන් අද (12) අනුරාධපුරයට පැමිණීමට නියමිතව තිබේ.
ඒ අනුව අද රාත්‍රි 7.00ට රුවන්වැලිමහා සෑය අභියස පැවැත්වෙන ආශීර්වාද පුජාවකට මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් එක්වනු ඇති.
ඉන් අනතුරුව හෙට (13) උදෑසන මෙම පිරිස ජය ශ්‍රි මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට නියමිත බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් සදහන් කළේය.
මේ අතර ඊයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුව අවසන් වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිතයින් කැළණිය රජ මහා විහාරස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තේය.
රටටම ආශීර්වාද කරන්න ඔබත් එන්න හෙට (අගෝස්තු 12) සවස 6 ට රුවන්වැලි මහා සෑ රදුන් අභියසට.
Gepostet von Mahinda Rajapaksa am Sonntag, 11. August 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...