විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගැනීමත් සමඟ මහින්ද මහතා, ඇතුළු මන්ත්‍රීවරු 60 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීන්දුවක් ගැනීමට සූදානම් වන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වලින් වාර්ථා වේ.
මේවන විට පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්කරන මන්ත්‍රී ලයිස්තුව හා ඒ වෙනුවට පත්කරනු ලබන ලයිස්තුව යන දෙකම සකස් කර ඇති බවත් එය ඉදිරියේදි එක්සත් ජනතා සන්ධාන ලේඛම් මහින්ද අමරවීර මහතා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට බාරදීමට නියමිතව ඇතැයි ද එම ආරංචි මාර්ග වලින් වාර්ථා වේ.
දැනට පාර්ලිමෙන්තුවේ සිටින මන්ත්‍රීවරු 95 දෙනෙකුගෙන් 60 දෙනෙකුට ආසන්න පිරිසක් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගෙන ඇති බව පැවසේ.
වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගත හොත් දැනට පක්ෂ සාමාජිකත්වය දරණ පක්ෂයෙන් ඉවත් කිරීමට එම පක්ෂයට හැකියාව ඇති අතර එවිට ඔවුන්ගේ මන්ත්‍රී ධූරයද අහෝසි කිරීමට හැකියාව පවතී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...