ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානය බිහිකිරීම සඳහා වන සාකච්ඡා ලබන සතියේ සිට යළිත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
ඊයේ (11) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවට පක්ෂයක් ලෙස ශ්‍රීලනිපය සහභාගී නොවූවත් තම සුබපැතුම් ඊට එක්කරන බවයි ඒ මහතා සඳහන් කළේ.
පොහොට්ටුව සමඟ ඉදිරි සන්ධාන සාකච්ඡා තුළදී ඉදිරි මැතිවරණ සඳහා එක්ව තරගවැදීමේ සැලසුම් පිළිබඳ අවධානය යොමුකිරීමට නියමිත බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ විරෝධී සියලු වාමාංශික බලවේග එකතු කරගෙන නව පෙරමුණක් නිර්මාණය කිරීම තමන්ගේ අරමුණ බවත් ඒ මහතා අවධාරණය කළේය.
මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (11) අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...