දේශීය පුවත්

රටකට නායකත්වය ලබා දීම සඳහා සියලුම දේ සපුරාලන නියම ජනාධිපති අපේක්ෂකයෙකු තෝරාගෙන තිබෙන බවත් ඔහු ජයග්‍රහණය කරවීමේ වගකීම සියලු ජනයා වෙත තිබෙන බවත් කැලණි රජමහා විහාරාධිපති පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමෙන් අනතුරුව ප්‍රථමයෙන්ම අද සවස කැළණිය රජමහා විහාරය වෙත පැමිණ ආගමික ආශිර්වාද ලබා ගත් අවස්ථාවේදීය. සිංහල බෞද්ධ ජනතාවට අමතරව දෙමළ හා මුස්ලිම් ජනතාවගේ අවශ්‍යතාවයන් ද හඳුනාගෙන කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් කැලණි රාජ මහා විහාරාධිපති නාහිමියන් ප්‍රකාශ කළේ සුදුසු වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළහොත් ඔවුන්ගේ ද සහාය ලබාගැනීමට හැකි බවයි.

විශේෂයෙන්ම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මෙරට මුස්ලිම් ව්‍යාපාරිකයින් ඇතුළු මුස්ලිම් ජනතාව අසරණ තත්වයකට පත්වී ඇති බවත් ම මුස්ලිම් ව්‍යාපාරිකයින්ගේ ගැටළු ගැන සාකච්ඡා කොට ඔවුන්ටද වශ්‍ය කරන නායකත්වය ලබා දීමට මැදිහත් වීමට ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බවත් එසේ වුවහොත් සුළු ජන කොටස්වල ඡන්ද ද ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ කැලණි රජමහා විහාරාධිපති හිමියෝ ප්‍රකාශ කළහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More