පුරවැසි කොලම

ආචාර්ය ප‍්‍රදීප් පෙරේරා

ලංකාවේ චීන තානාපතිවරයා ලංකාවට එන්න සංචාරයට නොපැමිණීමට ‘‘හේතුපාඨ.. මෙරට සුප‍්‍රකට චීන අවන්හල් හිමියන්ගේ අවඥාවට ලක්වී තිබේ. ලංකාවට චීන සංචාරකයින් පැමිණීම අඩුවීමට ප‍්‍රධාන හේතුවක් ලෙස තානාපතිවරයා දක්වා සිටියේ ‘චීනුන්ට. ආහාර ගන්නට චීන ක‍්‍රමයට ‘කොටා බෑමට. චීන අවන්හල් නොමැති බවය. එහෙත් ලංකාව පුරා චීන ජාතිකයින්ට අයත් චීන ජාතිකයන් සේවය සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි චීන හෝටල් 100 කට වඩා තිබෙන බව මෙරට චීන තානාපතිවරයා හැර මුළු රටම දනී. ලංකාවේ මාතර බත් කඩවලට වඩා ඇත්තේ චීන අවන්හල්ය. ?ට හෝ දවල්ට බත් උයන්නට කම්මැලි අම්මන්ඩිලා සැමියා ගොනාට අන්දන්නේ ‘‘හැමදාම එකම කෑම කාලා එපා වෙලා චයිනීස් පාරක් දැම්මොත් හොඳයි.. ලෙසටය.

ලංකාවේ චයිනීස් හෝටල් කියූ සැනින් මතකයට එන්නේ නූඞ්ල්ස් හා අජිනමොටෝය. අනික ‘‘චිලිපේස්ට්.. ය. කහ කරන ලද බතට තුනියට කැපූ කැරට්, ලීක්ස් ගිනි දවාලේ තෙලෙන් බැද, බිත්තරයක් එයට හලයි. ඉන් පසු හැඳිගා චිකන් කෑල්ලක් හා චිලි පේස්ට් ටිකක් සමග ඔතා දීම ලංකාවේ ‘චයිනිස් ෆ‍්‍රයිඞ් රයිස්. ලෙස හඳුන්වා දිය හැකිය. මේ ආහාර වේලට අහුරුපිටන් දාන රසකාරකයක් නම් ‘අජිනමොටෝය.. අප මේ කියන්නට යන්නේ චීන තානාපතිවරයාටත් අමතක වූ ‘චයිනිස් හෝටල්. සමග බැඳුන ලංකාවේ මෙන් ලෝක ප‍්‍රවණතාවයයි.

2014 පෙබරවාරියේදී ලංකාවේ අන්තර්ජාලයේ අමුතුම පුවතක් ප‍්‍රචාරය විය.

එයින් පැවසුණේ එක්තරා ප‍්‍රදේශයක ගොවීන් පිරිසක් රසකාරක විශේෂයක් වල් නාශකයක් වශයෙන් පාවිචිචි කරන බවයි. ඒ රසකාරකය කුමක්දැයි විමසූ අපට එය නූඞ්ල්ස් වර්ගයක් සමග ලැබෙන රසකාරකයක් බව අනාවරණය කර ගැනීමට හැකි විය. ලාභදායී නිසාත් වල් නාශකවලට වඩා හොඳ ප‍්‍රතිඵල ලබාදෙන නිසාත් තමන් මේ රසකාරකය වල් නැසීමට පාවිච්චි කරන බව ගොවීන් පවසා ඇත. අපට අසන්නට ලැබුණු තෙවැනි පුවත වාර්තා වූයේ අන්තර්ජාලයෙනි. මුහුණුපොත් සාමාජිකයකු තම පිටුවේ පළකර තිබූ තොරතුරකට අනුව නැගෙනහිර පළාතේ ගොවීහු ජනප‍්‍රිය රසකාරකයක් වන අජිනමොටෝ වල් නාශකයක් ලෙස පාවිච්චි කරති. මේ පිළිබඳව පර්යේෂණයක් කිරීමට කැමති විද්වතුන් සිටී නම් තමන් ඊට සහයෝගය ලබාදෙන බවද ඔහු පැවසීම නිසා මෙරට එම ප‍්‍රවෘත්තිය එකල මහත් ආන්දෝලනයට තුඩුදුන් කරුණක් විය. එහෙත් වසර 2 කට පසු 2016 මාර්තු මාසයේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් දොස්තර පාලිත මහීපාල චීන අවන්හල්වල නැතිවම බැරි අජිනමොටෝ ගැන ප‍්‍රහාරාත්මක ප‍්‍රකාශයක් කරන ලදී.

මහීපාල මහතා කීවේ ඉදිරි සති දෙකේදී එම්.එස්.ජී. නමැති රසකාරකය වෙළෙඳ පොළේ තහනම් කරන බවය. එම්.එස්.ජී. නමින් හැඳින්වෙන්නේ මොනෝසෝඩියම් ග්ලූටමෙට්ය (Monsodiom Glutamate) . කාටත් තේරෙන භාෂාවෙන් කිව්වොත් අජිනමොටෝ නම් වේ. වසර 107 කට පෙර නොහොත් 1909 දී සොයාගෙන ඇති මෙම රසකාරකයට මක්කා වුණාම ‘අපට මොටෝ. යැයි ඔබට ද සිතෙන්නට ඇත. එහෙත් මෙම රසකාරකය මෙරට විවෘත ආර්ථිකයට අතවැනීමත් සමගම මෙරට සමාජයේ බින්න බැස ගත්තේ පසුගිය වසර 40 ක් පුරා ගම දනව් සිසාරා වසංගතයක් මෙන් පැතිර යෑමෙන් මෙම කරුණ සනාථ වේ.

අවුරුදු 107 කට පෙර සොයාගත් මොනෝසෝඩියම් ග්ලූටමෙට්වල මුල් උරුමකරු වන්නේ ජපන් ජාතිකයන්ය. කිතුනායි ඉකේඩා විසින් 1908 දී මෙය සොයා ගැනීමට හේතු පාදක වී ඇත්තේ ‘කොම්බු. නම් මුහුදු පැළෑටියකි. එය ජපන් ජාතිකයන් අතර ජනප‍්‍රියතම ආහාරයක් වී ඇත. එහි රසය කිසිදු රසයකට සම නොවූ තැන මහාචාර්ය කිතුනායි ඉකෙඩා එයට ඉමාම් යන නම තබා ඇත. පැණි රස, ඇඹුල් රස, ලූණු රස හෝ තිත්ත රස යන කිසිවකට එය සමාන නොවීම මීට හේතු විය. තවමත් අජිනමොටෝ නාමයට ඉහළින් The Assence of umami ලෙස සඳහන් කොට ඇත්තේ මේ නිසාය. කොම්බු නම් මුහුදු පැළෑටියේ මේ රසයට හේතුව ග්ලූටමික් අම්ලය බව සොයාගත් පසු ඊළඟට ඉකෙඩාගේ ජයග‍්‍රහණය වූයේ එය කෘත‍්‍රීමව නිෂ්පාදනය කිරීමයි. නමුත් ග්ලූටමික් අම්ලය සොයාගෙන ඇත්තේ මීට වසර 150 කට පෙර හෙවත් 1866 දී ජර්මන් රසායන විද්‍යාඥයකු වූ කාල් හෙන්රිච් රිටවුසන් විසිනි. ඇමයිනෝ අම්ල විශේෂයක් වන මෙය මිනිස් ආහාර වන එළවළු, පලතුරු, බිම්මල්වල මෙන්ම මවුකිරිවල පවා අන්තර්ගත වූවකි. සිරුරට අවශ්‍ය ග්ලූටමික් ප‍්‍රමාණය සිරුර තුළින්ම නිපදවීම නිසා ආහාර වශයෙන් කෘත‍්‍රීමව ශරීරය තුළට ඇතුළු කර ගැනිීමේ අවශ්‍යතාවයක් නොවීය. කාලයක් පුරා ලොව පුරා පැවති මතය වූයේ කෘත‍්‍රීමව නිපදවන ග්ලූටමික් අම්ලය නොහොත් මොනෝසෝඩියම් ග්ලූටමේට් ද මිනිස් සිරුරට කිසිදු අහිතකරතාවක් නැති ද්‍රව්‍යයක් වශයෙනි. නමුත් පසුකාලීනව කෙරුණු පර්යේෂණවලදී මේ එම්.එස්.ජී. බරපතළ රෝගාබාධ රැසකට හේතු වන බව සොයා ගන්නා ලදී. පිළිකාවලට ද හේතු කාරක වී ඇති මෙම රසකාරකය, මොළයේ ස්නායු පද්ධතියේ සහ හෘද වස්තුවේ ආබාධ, අක්ෂි සහ ශ‍්‍රවණ දුර්වලතා, හිසරදය, ආතතිය, දැවිල්ල, පපුවේ දැවිල්ල, නිදිමත ගතිය මෙන්ම ශාරීරික බෙලහීනතා ආදියට හේතු පාදක වන බව සොයා ගන්නා ලද බව ජාත්‍යන්තර සඟරා බොහොමයක් හෙළිදරව් කොට ඇත.

චීන තානාපතිවරයාට චීන අවන්හල් ගැන අමතක වූ වැදගත් ලෝක ප‍්‍රවණතාවයක් තිබේ. ඒ චීන අවන්හල් සමග පටබැඳුන ‘චීන රෙස්ටුරන්ට් සින්ඩ්‍රෝම. යි. එම්එස්ජී (MSG) 78% ක් අඩංගු අජිනමොටෝවලට මුල් යුගයේ විශාල ඉල්ලූමක් නොතිබුණි. එය ජනප‍්‍රිය වූවේ දෙවන ලෝක යුද්ධය සමයේදීය. ජපන් හමුදාවේ ආහාර වේල ඇමරිකා සෙබළුන්ට ලැබෙන වේලට වඩා රසවත් බවත් ඊට හේතුව එම්එස්ජී බවත් හෙළිවීම නිසා, මෙය වේගයෙන් ජනප‍්‍රිය වූයේය. 1956 දී ඇමරිකාවේද අජිනොමොටෝ ශාඛාවක් ඇරඹිණි. 1959 දී ඇමරිකා ආහාර හා ඖෂධ අධිකාරිය එය ආරක්ෂිත (Generally Recognised as Safe) බවට සහතිකයක් ද දුන්නේය. නමුත් වසර 10 කට පසු එහි ආදීනව ලෙස ‘චයිනිස් රෙස්ටුරන්ට් සින්ඩ්‍රෝම්. යනුවෙන් යෙදුමක් ඇමරිකා වෛද්‍ය ක්ෂේත‍්‍රයට එක් විය. ඊට හේතුව එකල ඇමරිකාවේ (අද ශ‍්‍රී ලංකාවේ මෙන්) චීන හෝටල්වල අජිනොමොටෝ මුසු කළ ආහාර බහුලවීමයි. හිසරදය, හෘද ස්පන්දනය වේගවත්වීම, නිදිමත ආදිය චයිනීස් රෙස්ටුරන්ට් සින්ඩ්‍රෝමයේ ලක්ෂණයි. මේ වන විට මෙය ‘එම්එස්ජී. සිම්ටම් කම්ප්ලෙක්ස් නමින් හැඳින්වේ. ඇමරිකා ආහාර හා ඖෂධ අධිකාරිය පවසන්නේ එය එම්එස්ජීවල කෙටිකාලීන ප‍්‍රතිඵලයක් බවයි.

නමුත් ලංකාවේ චීන තානාපතිවරයාට මතක් කර දිය යුත්තේ අදවන තුරුත් ඇමරිකන් අධිකාරිය මේ ගැන විධිමත් ප‍්‍රකාශයක් කර නැති බවය.

කුරුණෑගල වෛද්‍ය සාෆිට ඇති චෝදනාව අම්මලාගේ ඉදිරි දරුඵල නැති කිරීම නොහොත් වඳ භාවයට පත්කිරීමය. චීන අවන්හලූත් අම්මලා වඳ භාවයට පත්වීමත් අතර ඇති සහසම්බන්ධය කුමක්දැයි ඔබ මවිතයට පත්වනු ඇත. මේ ගැන කරුණු කියන්නේ වෛද්‍ය රසල් බ්ලේලොක්ය.

ස්නායු ශල්‍ය වෛද්‍යවරයකු වන රසල් බ්ලේලොක් තම Exitotoxins: The Taste that Kills කෘතිය මගින් එම්එස්ජීවල හානිය පිළිබඳ ඉතා වටිනා තොරතුරු සමූහයක් අනාවරණය කර තිබේ. Exitotoxins යනු සිරුරේ සන්නිවේදන කටයුතුවලට සම්බන්ධ නියුරෝන හෙවත් ස්නායු ෙසෙල විනාශ කිරීමට හා මොළයට දැඩි ලෙස හානි කිරීමට සමත් උග‍්‍ර විෂ කාණ්ඩයකි. සුෂුම්නාවට හානි කිරීම, ආඝාතය (අංශභාගය), ශ‍්‍රවණ දුබලතා, ඇල්සයිමර් රෝගය, පාකින්සන් රෝගය වැනි බරපතළ තත්ත්වයන් උද්ගත කිරීමට මේ විෂ කාණ්ඩයට හැකියාව ඇති බව සායනිකව තහවුරු කොට ඇතත් ලෝකයේ වැළඳගත් වෙළඳ ඒකාධිකාරි විසින් මෙම සත්‍ය යට ගසා තිබේ. එම්එස්ජී දරුඵල නොලැබීමට ද ප‍්‍රබල හේතුවක් බව පෙන්වාදෙන වෛද්‍ය බ්ලේලොක්, ‘‘එම්එස්ජී නිසා ශුකාණු ප‍්‍රමාණය අඩුවෙනවා වගේම එයට ඩිම්බයට ළඟාවීමට ඇති හැකියාවත් අඩු වෙනවා. ඩිම්බයේ පිටත බිත්තියේ තිබෙන ග්ලූටමේට් ග‍්‍රාහක උත්තේජනය වීම නිසා ඩිම්බයට හානි සිදු වෙනවා. ජීවිතයේ අප මූණ දෙන මෙබඳු කරුණු ගැනවත් ආහාර හා ඖෂධ අධිකාරිය අනතුරු ඇඟවීම කරනවාද?.. යනුවෙන් ප‍්‍රශ්න කරයි. එම්එස්ජී නිසා පැලෝපීය නාළවලට බලපෑම් සිදුවන බව වෛද්‍ය ඇන්ඩෲ ඔසයාමි ඉවේකා සහ අබියුවා ඉවේකා විසින් 2010 දී කරන ලද පර්යේෂණයක් මගින්ද පෙන්වා දී ඇත. එසේ නම් මේ චීන තානාපතිවරයා කියන්නේ වෛද්‍ය සාෆිටත් වඩා භයානක චීන අවන්හල් අපට වැළඳ ගන්නට කියාද?

අප සමාජයේ බොහෝ දෙනා – වෛද්‍යවරුන් පවා – මත්වතුර, දුම්වැටි, මත්ද්‍රව්‍ය, දුම්කොළ, බුලත්විට, ආදිය නිසා ශරීර සෞඛ්‍යයට සිදුවන හානි ගැන කතා කරති. නමුත් ආහාරවල අඩංගු රසකාරක නිසා සිදුවන හානිය පිළිබඳව එතරම් ප‍්‍රබල සමාජ කතිකාවක් ආරම්භ වී නැත. හෝටලයේදී, පාසල් භෝජනාගාරයේදී මිලදී ගන්නා ආහාරවලින් පමණක් නොව නිවසේ සාදන බොහෝ ආහාරවලින් ද අපේ ජනතාව මේ උග‍්‍ර විෂ ශරීරගත කර ගැනීමට පෙළඹී ඇත. ලොකුම අවාසනාව බිලිඳු ආහාරවල පවා මේ විෂ අන්තර්ගත කර තිබීමයි. ලොව පුරා අලෙවි කෙරෙන ආහාරවල එම්එස්ජී මුසු වන්නේ නිෂ්පාදන කි‍්‍රයාවලියේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. එනිසා ඒවා පිළිබඳව ඇසුරුම් ලේබල්වල සඳහන් වන්නේම නැත.

චීන තානාපතියෝ ලංකාවේ චීන අවන්හල් ගැන අවනඩුව කියන විටත් අප ලෝකල් චීන අවන්හල් තුළ ආහාර රටාවට අනුගත වී හමාරය. දැන් අප සිතා බැලිය යුත්තේ දශක ගණනාවක් තුළ ජනතාව ක‍්‍රමාන්විතව වඳ භාවයට පත් කළ චීන අවන්හල්වල රස කාරක ගැන ද වෛද්‍ය සාෆිට මෙන්ම නිසි පියවර ගත යුතු නොවේද?



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More