ශබ්දයේ හඬින් විශ්වාසභංගය සම්මත කළ කතා නායක කරූ ජයසූරියට මහතාට අද (11) දිනයේ දැල්වෙන රතිඤ්ඤා හඬින් දිනන්නේ කුමන ජනපති අපේක්ෂකයාද යන්න තීරණය කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මාලඹේ, පිට්ටුගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
එසේම ‘‘අපේ ජනාධිපති අපේක්ෂකයා ගෝ…. කියන කොටම රටේම මිනිස්සු බලාගෙ ඉන්නවා කැවුම් කිරිබක් කන්න‘‘ යනුවෙන්ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රථම ජාතික මහා සම්මේලනය අද (11 දා) පස්වරු 3.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම ජාතික මහ සමුළුවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂ නායකත්වයට පත් කිරීමෙන් අනතුරුව රටම බලා සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමත් සිදු කිරීමට නියමිතයි.
''සද්දෙ අනුව විශ්වාසභංගය දිනපු අය තෝරපු කරු ජයසූරිය මහත්තයාට හෙට (11) සවස 3.00ට රට පුරා පත්තු වන රතිඤ්ඤා සද්දෙන් ජනාධිපතිවරණය දිනන කෙනා තෝරා ගන්න පුළුවන් වේවි''- කඩුවෙලදී විමල් කළ අපූරු කතාව(2019 – 08 -10)
Gepostet von Wimal weerawansa am Samstag, 10. August 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...