දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ  ජනාධිපති අපේක්ෂක ලෙස යෝජනා වීමට නියමිත ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇති බව වාර්තා වේ.

මුල දී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහය ලබාදීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබුණ ද එම සන්ධානගත වීම යම් යම් හේතූන් සහ එජාපයේ අභ්‍යන්තර අර්බුද නිසා පමා වන නිසා ‍ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මුලදී දැරූ ස්ථාවරය යම් තරමක් දුරට මේ වන වෙනස් වී ඇති බවද වාර්තාවේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී යෝජනාවක් ඉදිරිපත් වී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයින් සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ මොනවා දැයි බලා තීරණය කිරීම වඩා යෝග්‍ය බවයි. මේ අනුව එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සන්ධාන ගතවීමට පෙර එහි ජනාධිපති අපේක්ෂකයන් නම් කරන ලෙසට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉල්ලීමක් කරයි. ඒ සමඟම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

ජ්‍රජාත්‍රන්තවාදී ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපතිවරුන් දෙදෙනා ම නම් කර ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ රට හමුවේ තැබූ පසු ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය බොහෝදුරට තීන්දුවක් ගැනීමට තීරණය කර ඇති බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More