දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම හෙට දින යෝජනා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ ඒකමතික අනුමැතිය මීට ස්වල්ප වේලාවකට පෙර හිමිව තිබේ.

හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට ස්වල්ප වේලාවකට පෙර කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ දී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

හෙට දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයේදී ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාමය තමන් විසින් යෝජනා කරන බවට මහින්ද රාජපක්ෂ මහතා මේහිදී ප්‍රකාශ කර ඇති අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සියලුම දෙනා එය ඒකමතිකව අනුමත කොට ඇත. මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනයේ වැඩසටහන සහ හෙට දින වැඩකටයුතු ගැන ද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙන බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More