ඉදිරි ජනාධිපතිවරණයේ එ.ජා.ප. අපේක්ෂකයා තෝරාගැනීම සම්බන්ධ සාකච්ඡාවකට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය හා මන්ත්‍රී කණ්ඩායම එකට රැස් කරන්නැයි පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට එ.ජා.ප. මන්ත්‍රීන් කණ්ඩායමක් සූදානම් වන බව වාර්තා වෙයි.
පක්ෂයේ බෙදීමකින් තොරව ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා එකඟතාවෙන් එ.ජා.ප. අපේක්ෂකයාට අනුමැතිය ලබාගැනීම පිණිස මෙම ඉල්ලීම කරන බව එ.ජා.ප. මන්ත්‍රීවරයෙක් දේශයට කීය.
ඒ සඳහා එ.ජා.ප. මන්ත්‍රීන්ගෙන් තව විශේෂ ලිපියකට අත්සන් ලබාගැනීම ආරම්භ කර තිබූ අතර එය සිකුරාදා උදෑසන වනවිට මන්ත්‍රීන් හා ඇමැතිවරුන් 50කට වැඩි ගණනක් ඊට අත්සන් තබා තිබුණි. මන්ත්‍රීන් 60කගේ අත්සන් ලබාගැනීමෙන් පසු එය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට නියමිතය.
එ.ජා.ප. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා තෝරා ගැනීමට මන්ත්‍රී කණ්ඩායමේ හා කෘත්‍යාධිකාරියේ බහුතර අනුමැතිය අවශ්‍ය බැවින් මෙම ඉල්ලීම කරන බවද මේ සඳහා දායක වී සිටින මන්ත්‍රීවරයෙක් දේශයට කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...