ශ්‍රී.ල.නි.ප. නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තුන්වැනි අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට තරග නොකිරීමටත් එම පක්ෂයේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීමටත් මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකඟත්වයකට පැමිණීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති ප්‍රථම හමුවේදී මේ ගැන මූලික එකඟත්වයක් ඇතිකරගෙන තිබේ. මෙහිදී ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන් පොහොට්ටුවට එක්වූ පසු ඔවුන්ගේ දිස්ත්‍රික් නියෝජනයන් ආරක්ෂා කර දෙන ලෙස ජනාධිපතිවරයා ඉල්ලා ඇත. ඊට මහින්ද රාජපක්ෂ මහතා එකඟත්වය පළකර තිබේ. දෙපක්ෂය අතර කෙරෙන සාකච්ඡා ඉදිරියට ගෙනයාමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තමන්ගේ ආණ්ඩුවක හිමිවන ස්ථානය ගැන එම සාකච්ඡාවේදී තීරණයක් ගැනීමටත් දෙපක්ෂය එකඟ වී ඇතැයිද සඳහන්ය.
ජනාධිපතිවරයා සිය කාම්බෝජ සංචාරය නිමවා පැමිණි පසු ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනම මුණගැසීමට නියමිතය. ඒ කෙසේ වෙතත් දැනට ශ්‍රී.ල.නි.ප.යේ සිටින මහින්ද සමරසිංහ, මොහාන් ලාල් ග්‍රේරු, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් එ.ජා.ප.ය සමඟ එක්වන බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි.
Deshaya
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...