එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් කරනු ලබන ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමක් වහාම කැඳවිය යුතු බවට ලිපියක් එම පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසින් අත්සන් කොට ඇත.
ඒ සඳහා වන යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගනිමින් අදාළ ලිපිය එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට තීරණය වී තිබේ.
නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් පාර්ශ්වය මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන අතර ඒ සඳහා අත්සන් යෙදීම මෙම සතිය පුරාම සිදුවී ඇත. එය ඊයේ (09 දා) වන විට එහි අවසන් අදියරට පැමිණි බව එජාපයේ ප්‍රකාශකයෙක් zදිවයිනZට කීය.
ඒ අනුව අදාළ අත්සන් ලේඛනය සඳහා ආණ්‌ඩු පාර්ශ්වය නියෝජනය කරන එජාප මැති ඇමැතිවරුන්ගෙන් තුනෙන් දෙකක ප්‍රමාණයක් අත්සන් ලබා දෙන බව ද එම ප්‍රකාශකයා පැවසීය.
එජාප ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගත යුත්තේ මෙම කණ්‌ඩායම් දෙකෙහිම බහුතර කැමැත්ත මත බව යෑයි ද ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...