දේශීය පුවත්

විදේශ රටවල් හෝ විදේශ සංවිධාන සමඟ රටට අහිතකර ගිවිසුම්වලට එළඹීමට කටයුතු නොකළ යුතු බවට වූ කල්තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ඊයේ (09) විවාදයට ගැනුණි.

යෝජනාව ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනයි. ප්‍රශ්නගත “ඇක්සා” සහ “සෝෆා” ගිවිසුම් පිළිබඳව ද අමෙරිකාව සමග එළඹීමට යෝජනා වී තිබෙන “මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්” ගිවිසුම පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් අදහස් පළ කෙරුණි.

අමෙරිකානු හමුදාවන්ට ශ්‍රී ලංකාවේදී, ශ්‍රී ලංකාවේ නීති අභිභවා ඔවුන්ගේ නීති අදාළ කරවන පරිදි වූ විධිවිධාන ද ප්‍රශ්නගත ගිවිසුම්වල ඇතුළත්ව තිබේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මෙහිදී ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර විවාදයට එක්වෙමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයත්, රාජ්‍ය බලයත් පවතිනුයේ හමුදා බලය තුළ බවත් තවත්  වෙනත් රාජ්‍යයක හමුදාවටකට මෙරට නීතියට යටත් නොවී නිදහසේ ගැවසීමට ඉඩ දීම තුළින් ගැටුම්කාරී තත්වයක් ඇතිවන බව අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More