දේශීය පුවත්

හෙට (11) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල සමුළුවේදී ජනාධිපති ධුර අපේක්ෂකයා නම් කිරීම සිදු නොකොට එය තවදුරටත් කල් දැමීම කෙරෙහි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

දිනෙන් දින රටේ දේශපාලන තත්වය වෙනස් වීම හේතුවෙන් ජනාධිපතිවරණයට මාස තුනක් පමණ තිබියදී අපේක්ෂකයා නම් කිරීම පොදුජන පෙරමුණට අවාසිදායක වියහැකි බවට විපක්ෂ නායකයාගේ සමීපතමයන් පිරිසක් ඔහුට පෙන්වා දී ඇති අතර ඒ අනුව අපේක්ෂකයා තවදුරටත් සඟවා තබාගනු ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රීලනිපය හා පොහොට්ටුව අතර පැවති සාකච්ඡා නැවත ධනාත්මක දිශාවකට හැරීම ද අපේක්ෂකයා නම් කිරීම තවදුරටත් කල් දැමීමට හේතුවක් වී තිබේ. පසුගියදා මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්විණි. මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ තවමත් තමාට ජනාධිපතිවරයා සමග එක්ව වැඩ කිරීමට හැකියාව තිබෙන බවයි.

ඒ අනුව ශ්‍රීලනිපය හා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැගුණහොත් ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේදී ශ්‍රීලනිපයේ එකඟතාවයද ගැනීමට සිදුවන අතර ඒ සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබේ.

පොදුජන පෙරමුණේ සමුළුව සඳහා ශ්‍රීලනිපය සහභාගි නොවන බව දැනටමත් ප්‍රකාශ කර ඇති අතර සැප්තැම්බර් 03 වැනිදා ශ්‍රීලනිප සමුළුව පැවැත්වීමට ද නියමිතය.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ නායකත්වයට පත් වුවහොත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන ලේකම්වරයාට හැකියාව ලැබේ. එසේම ශ්‍රීලනිප සමුළුවේදී ඔවුන් සම්මත කර ගන්නා කරුණු මොනවාද යන්න සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති අතර ශ්‍රීලනිපය තරහ කර නොගෙන ඉදිරි දේශපාලන තීන්දු තීරණ ගත යුතු බව මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස වී තිබේ.

ඒ අනුව පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම කල් දැමීමට ඉඩ තිබේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ තවත් දිනක් පමණි.

lanka news web



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More