රට පාලනලය කිරීමේදී ජනතාව විසින් තෝරාගනු ලබන්නේ නොහැකි පුද්ගලයින් පමණක් බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
අද(09) පැවති ජාතික වියත් පවුර සම්මන්ත්‍රනයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මේ අතර රටක් ඉදිරියට ගෙනයාම සඳහා හිත් ශක්තිමක් කර ගත යුතු බවත් ඉන්පසුව යන මාර්ගය නිසි අකාරයෙන් සකස් කර ගත හැකි බවත් හිටපු මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවසීය.
“හරි නායතත්යක් මේ රටට ගෙන එන්නට ඔනේ. ඒ කාර්‍ය තියෙන්නේ ඔබතුමන්ලා අතේ. ඒ වැඩ කොටස බාර ගන්න ඕනේ අපේ රටේ ජනතාව. අපි ක්‍රිකට් කණ්ඩායමක් තොරගන්නේ හොඳටම ක්‍රිකට් ගහන් පුළුවන් අය.
හැබැයි රටේ පාලය වෙනකොට අපි ඒ ගැන බලන්නේ නෑ. පාලනය කරන්න පුළුවන්ද කියලා බලන්නේ නෑ. සංගීතයට අපි තෝරගන්නේ සිංදුවක් නියන්න පුළුවන් කෙනෙක්ව.
රට පාලනය කරන් පමණයි බැරිම පුද්ගලයා හොයලා දාන්නේ. මට මේක ඇත්තටම තේරුම් ගන්න බෑ. වැඩියෙන්ම ටීවි එකේ පෙන්නනවා නම්. වැඩියෙන්ම අත වනනවානම්. එතකොට අපි හිතනවා මේ අයව තමයි තෝරගන්න ඕන කියලා. ඊට පස්සේ ඒ අය රට අමාරුවේ දනවා. අපිත් අමාර්වේ වැටෙනවා“
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...