දේශීය පුවත්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මීට දින දෙකකට පමණ පෙර මුතුහෙට්ටිගේ අමතා ප්‍රකාශ කළේ පොහොට්ටුවේ ජාතික සම්මේලනයට සහභාගී නොවන බවයි. නමුත් නිශාන්ත මුතුහෙට්ටිගම අද දිනයේ දී බැසිල් රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට දැඩි උත්සාහයක නිරතව ඇත. නමුත් ඔවුන් දැඩි කාර්යබහුලත්වයක නිරතව සිටීම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් කිහිප දෙනෙකුටම නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සිය ජංගම දුරකතනයෙන් කතා කොට ඇත.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ කවුරු එපා කිව්වද තමා එකොළොස් වන දා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයට අනිවාර්යයෙන්ම සහභාගි වන බවයි. මේ වන විට තමා ජනතාව සමග ගැවසෙන බවත් ජනතාව ඉල්ලා සිටින්නේ කුමක්ද කියා තමාට ඉතා හොඳින් තේරුම් ගොස් තිබෙන බවත් නිශාන්ත මුතුහෙට්ටිගම සිය හිතවතුන් කිහිප දෙනෙකුටම ප්‍රකාශ කොට ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More