විදේශ පුවත්

ශ්‍රී ලංකාවේ සිට පැමිණි ඉස්ලාමිය අන්තවාදීන් දෙදෙනෙක් පිලිපීනයට ඇතුල්වී ඇති බව එරට ආරක්ෂක අංශ වාර්තා කර සිටිනවා. මෙම ත්‍රස්තවාදීන් දෙදෙනා බෝම්බ සෑදීම හා එරට කතෝලික දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තයින් පුහුණු කිරීම සඳහා පිලිපීනයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

පිලිපීනයේ මැනිලා ගුවන් තොටුපලේ අධීක්ෂණ වාර්තාවන්ට අනුව මෙම ත්‍රස්තවාදීන් දෙදෙනා මාර්ක් කෙවින් සැම්හූන් සහ වික්ටෝරියා සොෆියා ස්ටෝ ඩොමින්ගෝ ලෙස හඳුනාගෙන තිබෙන අතර ඔවුන් දෙදෙනා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් ලෙස ලැයිස්තුගත කර ඇති බව සඳහන්.

ඉකුත් අප්‍රේල් 21 වෙනිදා මෙරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් දියත් කළ ජාතික තව්හිත් ජමාත් සංවිධානය සමග මාර්ක් කෙවින් සැම්හූන් සමීප සම්බන්ධකමක් පවත්වා ඇති බවත් ඔහුගේ මව ඩුබායි හි ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන බවට කරුණු අනාවරණය වී ඇත.

මාර්ක් කෙවින් සැම්හූන් සහ වික්ටෝරියා සොෆියා ස්ටෝ ඩොමින්ගෝ අතර කිට්ටු සම්බන්ධකමක් ඇති බවත් ඊට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පිලිපීන ආරක්ෂක බලධාරීන් සඳහන් කර සිටින්නේ.

වික්ටෝරියා සොෆියා ස්ටෝ ඩොමින්ගෝ “කරාතේ කළු පටි” සට්න්කාරියෙක් බවත් ඇය ළමුන් හා කාන්තාවන් බෝම්බ නිෂ්පාදනය කිරීම සඳහා පුහුණු කිරීමේ විශේෂඥවරියක් බවද පැවසෙනවා. එමෙන්ම ඇය සතුව පිලිපීන සහ ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර දෙකක් ද ඇති බවට තොරතුරු හෙළිවී ඇත.

ඉකුත් ජනවාරි මාසයේදී පිලිපීනයේ සුලු ප්‍රාන්තයේ කතෝලික දේවස්ථානයකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සඳහා සැලසුම් සකස් කර ඇත්තේ වික්ටෝරියා සොෆියා ස්ටෝ ඩොමින්ගෝ බවත් එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 23 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තවත් 100 කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව පිලිපීනයේ සාමය, හිංසනය සහ ත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ ආයතනයේ ප්‍රධානී රොමෙල් බන්ලාඕයි සඳහන් කර සිටියි.

ඉස්ලාමිය අන්තවාදී සටන්කාමින් සමග සම්බන්ධකම් පවත්වන පිලිපීන අන්තවාදීන් සමග මේ වන විටත් මාර්ක් කෙවින් සැම්හූන් සහ වික්ටෝරියා සොෆියා ස්ටෝ ඩොමින්ගෝ එක්ව ඇති බවයි පිලිපීන මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඉස්ලාමිය අන්තවාදීන් විසින් පිලිපීනයේ ප්‍රධාන අගනුවර වන මැනිලා නුවර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර මාළාවක් දියත් කිරීමේ අවධානමක් මතුව තිබෙන බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කර සිටින්නේ.

” අප රටේ ඉස්ලාමිය අන්තවාදී (IS) සංවිධානය සිටිනවා. ඒ සම්බන්ධයෙන් මා වඩාත් බියට පත්වන්නේ. ඔවුන් ගෙන එන කුරිරුකම ඉදිරියේ අපව ගලවා ගන්නැයි ඉල්ලා දෙවියන් වහන්සේගෙන් අයදිනවා. අය වඩාත් බියකරු අත්දැකීමක් වේවි.. මට හැකි තරම් සොල්දාදුවන් අවශ්‍යයි” පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ මෙම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් තහවුරු කරමින් පසුගිය අගෝස්තු මස 05 වෙනිදා  ප්‍රකාශ කර සිටියා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More