එක්සත් ජාතික පක්ෂය සන්ධානගත විය යුත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
ඔහු නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කළ අතර සන්ධානයක් පිහිටුවීමට තමා 100% නොව, සියයට ලක්ෂවාරයක් එකඟ බව සඳහන්ව ඇත.
එහෙත් ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මුලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු සන්ධානයක් හැකි ඉක්මනින් පිහිට විය යුතු බවට තමා සහ අග්‍රාමාත්‍යවරයා එකඟ වූ බවට අද පුවත්පත් වාර්තා කර ඇති බවත් මන්ත්‍රී බහුතරයකින් සන්ධානයට එකතුවීමට කැමැත්ත පළ කර ඇති ප්‍රබල පක්ෂ බහුතරය ද දරණ ස්ථාවරයට අනුව එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව බව සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...