දේශීය පුවත්

එළඹෙන නොවැම්බර් මාසයේදී ජනතාව විසින් තමන්ව ජනාධිපතිවරයා ලෙස තෝරාගන්නේ නම් එයින් මාස හයක් තුළ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වා තමන්ගේ ජාත්‍යන්තර හයිය පෙන්වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

එවන් සමුළුවක් පවත්වා උතුරු නැගෙනහිර ජනතාවගේ කකුල් දෙක ළඟට සංවර්ධනය ගෙන එන බවත් අමාත්‍යවරයා පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (08) මන්නාරම ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

“හිතාදර මිත්‍රවරුනි, මේ රටේ ජනතාව නොවැම්බර් මාසෙදි අනාගත තීන්දුව ගන්නකොට නිවැරදි තීන්දුව අරගෙන සජිත් ප්‍රේමදාසගේ දෑත් ශක්තිමත් කළොත් මම පොරොන්දු වෙනවා මාස 6ක් ඇතුළත ජාත්‍යන්තර ආධාරක සමුළුවක් මේ රටේ පවත්වලා උතුරු නැගෙනහිර බලප්‍රදේශයේ යුද්ධය නිසා විනාශ වුණු ගම් නියම්ගම් සිසාරා අපි ඔබලාගේ කකුල් දෙක ළඟට සංවර්ධනය ගෙන එනවා.

මම අනිවාර්යයෙන්ම මගේ ජාත්‍යන්තර හයිය පෙන්වනවා. මම ඔබලාට කියන්නෙ ඔබලාගෙත් නූපන් දරුපරපුරෙත් අනාගතය සජිත් ප්‍රේමදාසට භාර දෙන්න”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More