දේශීය පුවත්

කුරුණෑගල දිස්ත‍්‍රික් එජාප මන්්ත‍්‍රී තුෂාර ඉඳුනිල් මහතා තමාට පහර දීමට උත්සාහ කළේ යැයි කෘෂිකර්ම ග‍්‍රාමීය ආර්ථික හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට පැමිණිලි කර ඇත.මන්තී‍්‍ර තුෂාර වැවක ගැටලූවක් ගැන සාකච්ඡා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණි විට පැය දෙකහිමාරකට අධික කාලයක් රස්තියාදු කළේ යැයි උරණ වී මන්ත‍්‍රීවරයා තමන්ට මෙසේ පහර දීමට උත්සාහ කළ බව ඇමැතිවරයා අගමැතිවරයාට පැමිණිලි කර ඇත.

මෙම සිද්ධිය පෙරේදා (7 දා) සවස සිදුව ඇති අතර පී. හැරිසන් මහතා මේ බව අගමැතිවරයාට පැමිණිලි කර ඇත.

ඇමැතිවරයාට පහර දෙන්න හැදුවේ ඇයි දැයි අගමැතිවරයා ඊයේ (8 දා) පාර්ලිමේන්තුවේදී තුෂාර ඉඳුනිල් මන්ත‍්‍රීවරයාගෙන් විමසා ඇත.

තමන් රත්නපුර දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී ඒ. ඊ. විජේතුංග මහතා සමග වැවක ප‍්‍රශ්නයක් සාකච්ඡා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට ගිය බව මන්තී‍්‍රවරයා අගමැතිවරයාට කියා ඇත.

එහෙත් ඇමැති හැරිසන් මහතා හදිසි රැස්වීමක සිටින බව කියමින් පැය දෙකහමාරකට අධික කාලයක් තමන් රස්තියාදු කළ බවත් බැරිම තැන බලහත්කාරයෙන් දොර ඇරගෙන ඇමැතිවරයාගේ කාර්යාලයට ගොස් ‘ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට සලකන්නේ මෙහෙම දැයි’ තමන් ඇමැතිවරයාගෙන් ඇසූ බවත් තුෂාර ඉඳුනිල් මන්ත‍්‍රීවරයා අගමැතිවරයාට කියා ඇත.

මේ සම්බන්ධයෙන් තුෂාර ඉඳුනිල් මන්ත‍්‍රීවරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ දොස් කීවා මිස තමන් හැරිසන් ඇමැතිවරයාට පහර නොදුන් බවයි. නමුත් ඔහු අගමැතිවරයාට පැමිණිලි කර ඇත්තේ තමන් පහර දුන්නා කියා යැයිද මන්ත‍්‍රීවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More