විදේශ පුවත්

ජම්මු කාශ්මීරයට නව පාලකයින් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් මැතිවරණයක් පවත්වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ජාතිය අමතමිනි.

ඒ අනුව එම ප්‍රාන්ත වැසියන්ට සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිත කරමින් ප්‍රධාන අමාත්‍යවරයෙකු ඇතුළු නව පාලකයින් පිරිසක් පත් කර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති.

විනාඩි 38ක කාලයක් ජාතිය ඇමතූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජම්මු කාශ්මීරයේ ජන ජීවිත කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බවට ද සහතික විය.

නරේන්ද්‍ර මෝදි
ඉන්දීය අගමැති

“ජම්මු කාශ්මීරයේ ජනතාවට අපි ත්‍රස්තවාදය හෝ බෙදුම්වාදය දුන්නේ නැහැ. බිලියනයක ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන ඉන්දීය නීති පද්ධතියෙන් දැන් ඔවුන්ටත් ප්‍රතිලාභ ගන්න පුළුවන්. කාශ්මීරයේ දරුවන් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලබා තිබුණේ නැහැ. රජයක් විදිහට අපි ගත්තේ ඓතිහාසික තීන්දුවක්. මින් ඉදිරියට ජම්මු කාශ්මීරයේ ජනතාවගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති වේවි.අපේ තීරණයට ඇතැම් පාර්ශව විරුද්ධයි. මා ඊට ගරු කරනවා. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. නමුත් ජාතියේ යහපත වෙනුවෙන් රජයට උදව් කරන ලෙස මා ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙය සියලු පුරවැසියන්ට සමාන අයිතීන් ඇති නව යුගයක ආරම්භයක්.”

ස්වයං පාලන බලතල ඉවත් කර ජම්මු කාශ්මීරය මධ්‍යම රජය යටතට පවරා ගැනීමත් සමග එහි නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය විය.

හිටපු ප්‍රධාන අමාත්‍යවරුන් වන ඕමාර් අබ්දුල්ලා සහ මෙහබූබා මුෆ්ටි ඇතුළු ප්‍රාන්ත ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලනඥයින් රැසක් පොලිස් අත්අඩංගුවේ පසුවෙති.

දුරකතන සේවා මෙන්ම අන්තර්ජාල සේවා ද බිඳ වැටී ඇත්තේ ජන ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල කරමිනි.

එහි ආරක්ෂාවට යොදවා ඇති සෙබළුන් ගණන 50000කට අධික ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More