තමන් අත්අඩංගුවට ගැනීම පදනම් විරහිත බවට සඳහන් කරමින් මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය වෙත යොමුකර තිබූ අභියාචනය ජාත්‍යන්තර පොලිසිය විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පැවසීය.
තමන් වරදක් සිදුකර නොමැති බවත් එසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් තමන් වෙත රතු නිවේදන නිකුත් කිරීම නීති විරෝධී බව පවසමින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා ජාත්‍යන්තර පොලිසිය වෙත මෙම අභියාචනාව ඉදිරිපත් කර තිබූ බවද අබේසේකර මහතා කියා සිටියේය.
මෙම රතු නිවේදනය නිකුත් කිරීමට හේතුව හා යොමුකර තිබු ලේඛන සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර එය නිවැරදි ආකාරයෙන් ඉදිපත් කර ඇති බවට තොරතුරු තහවුරු කරගෙන මහේන්ද්‍රන් මහතාගේ අභියාචනය ප‍්‍රතික්ෂේප කර ඇති බවද ශානි අබේසේකර මහතා කියා සිටියේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව නිකුත් කර ඇති රතු නිවේදනය තවදුරටත් එලෙසින්ම කි‍්‍රයාත්මක වෙමින් පවතින බවද ශානි අබේසේකර මහතා කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...