පාස්කු දින මරාගෙන මැරෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කළ ජාතික හවුහිත් ජමාද් ත‍්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඇතුලූ එම කල්ලි සාමාජිකයන් ගේ රුපියල් කෝටි 113 ක මුදල් හා දේපළ අත්හිටුවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අධිකරණය කරුණු වාර්තා කර අධිකරණ නියෝග මත මේවා අත්හිටුවා ඇති බවද ශානි අබේසේකර මහතා කියා සිටියේය.
මේවා අතර රුපියල් කෝටි 100 ක දේපළ හා රුපියල් කෝටි 13 ක් වටිනා මුදල් හා බැංගු ගිණුම් තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පවසීය.
අත්හිටවු කෝටි 100 දේපළ අතර වාහන, නිවාස, කර්මාන්ත ශාලා, රන් භාණ්ඩ වන බවද ඒ මහතා පැවසීය.
මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයක් 60 දෙනකු අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ ඔවුන් අතර කාන්තාවන් ද සිටින බව ඒ මහතා පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...