විදේශ පුවත්

අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කිරීමේදී සුපරික්ෂාකාරී වන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය අද (08) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

අමෙරිකා එක්සත් ජනපදයේ සංචාරය කරන සංචාරකයින්ට සහ අමුත්තන්ට සංචාරය කරන විට දැඩිසේ සුපරික්ෂාකාරී වන ලෙසත් ගිනි අවි උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන හිංසනයන් බහුලව සිදුවන බැවින් එම ක්‍රියාවන් මානව හිමිකම් අර්බුදයකට සමාන බවටද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

” අමෙරිකාවේ සංචාරය කරන කවුරුන් වුවත් තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කල්පනාකාරී විය යුතුයි. මන්ද අමෙරිකාව සිය රටට පැමිණෙන සංචාරකයින් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන බවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ හේතුවෙන් රට තුලදී එහි පැමිණෙන සංචාරකයින් සුරක්ෂිතයි යන්න සිතීම උගහටයි. කොටින්ම වෙඩි ප්‍රහාරයකට ගොදුරු නොවෙයි කියා සහතික කොට කිව නොහැකි තත්ත්වයක් මතුව ඇත්තේ. ගිනි අවි හිංසනයෙන් ජනතාව ආරක්ෂා කිරීමට අමෙරිකානු රජය අසමත්” යැයි ගිනි අවි ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ අමෙරිකානු නියෝජිතවරයා සඳහන් කර සිටියි.

ගිනි අවි හිංසනයට අමතරව වර්ගවාදය, ජාතිවාදය ඇතුළු හිංසාකාරී ක්‍රියාවන් රැසකට සංචාරකයින් අමෙරිකාව තුල ගොදුරුවීමේ ප්‍රවනතාවයක් පසුගිය කාල සීමාව තුලදී වාර්තා වී ඇති බවින් ඒ සම්බන්ධයෙන් ද සංචාරකයින් සිය අවධානය යොමු කිරීම වැදගත් බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානයට අමතරව මේ වන විට වෙනිසියුලාව සහ උරුගුවේ රාජ්‍යයන් සිය පුරවැසියන්ට අමෙරිකාවේ සංචාරය කිරීමේදී අවධානයෙන් සිටින ලෙස දන්වමින් සංචාරක අනතුරු ඇඟවීම පනවා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More