ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණු පුළුල් සන්ධානය හැකි ඉක්මණින් පිහිටුවිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පූර්ණ එකඟතාවය පළ වී ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඇතිව තිබෙන එකගතාවය අනුව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ව්‍යවස්ථාවේ ඇති කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ අද(08) සාකච්ඡා කළහ.
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සාකච්ඡා කළ අතර පක්ෂ නායක, අමාත්‍ය කබීර් හෂීම් මහතා වෙත බාරදුන් පක්ෂයේ සංශෝධන එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ වෙත ලබාදීමට පියවර ගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...