අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් සාකච්ඡාවක් සඳහා හෙට (09) අරලියගහ මන්දිරයට කැඳවා තිබේ.
සාකච්ඡාව සඳහා කැඳවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන්ගෙන් කොටසක් පමණි.
සාකච්ඡාවේ අරමුණ කුමක්දැයි මෙතෙක් අනාවරණය කර හෝ අනාවරණය වී නොමැත.
විශ්වාස කටයුතු දේශපාලන ආරංචි පැවසුවේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීරණයක් ගැනීම සඳහා වහාම පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම කැඳවන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමක් විසින් ලිපියකට අත්සන් ලබාගනිමින් සිටින බවය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අග‍්‍රාමාත්‍යවරයා අමාත්‍යවරුන් පිරිසක් මෙලෙස කැඳවා ඇති බවට එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...