දේශීය පුවත්

අන්තවාදීන් සමග ගනුදෙනු නොකරන දිනන නායකයෙකු සමග වියත් පවුරේ රට හදන වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැංවීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යායේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ අද(08) පැවසූහ.

අභයතිස්ස හිමියන් මෙසේ පැවසූයේ පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේදි පැවති ජාතික වියත් පවුරේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

“ජාතික විද්වත් භික්ෂු සංසදය විදිහට අපි පසුගිය කාලයේ විද්වතුන්, ව්‍යාපාරිකයන්, ආගමික නායකයින් ඇතුළු විවිධ ජන කණ්ඩායම්වලින් ලබාගත් යෝජනා එකතු කරගෙන දස පනතක් හැදුවා. ඒ සම්බන්ධයෙන් බිම්මට්ටමේ ජනතාවට ආමන්ත‍්‍රණය කිරීම සඳහා අපි ජාතික වියත් පවුර ගොඩනගා තිබෙනවා. එය ජනගත කිරීම 09 වෙනිදා පස්වරු 2.00ට කැළණිය මානෙල්වත්ත, බෞද්ධ විශ්ව විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී සිදුකරනවා.

අපේ වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැංවිය හැකි නායකත්වය කෙසේ සකස් විය යුතුද යන උපායමාර්ගික වැඩපිළිවෙළක් සකස් කිරිම අපේ අරමුණයි. මේ නායකත්වයක් තෝරාගැනීමේදි අපිට බලපාන ප‍්‍රශ්න මොනවාද? සමාජ වටපිටාව මොකක්ද?

ආගමික අන්තවාදය එක ප‍්‍රශ්නයක්. එය අවසන් කිරීමට තවමත් ආණ්ඩුව සමත් වෙලා නැහැ. ඔවුන් එය කරාවි යැයි විශ්වාස කිරිමටද නොහැකියි. අගමැති අවස්ථා කීපයකදීම කිව්වා දැන් ඉස්ලාම් අන්තවාදී ත‍්‍රස්තවාදීන් සියලු දෙනා අල්ලලා ඉවරයි කියලා. එහෙත් අපි දැක්කා දිගින් දිගටම සහරාන්ගේ පුහුණුව ලැබූවන් කියලා තව තවත් පිරිස් අත්අඩංගුවට ගන්නවා. ඒ නිසා ආණ්ඩුව මේ අන්තවාදීන් සම්බන්ධයෙන් ගනු ලබන ක‍්‍රියාමාර්ග ගැන අපිට විශ්වාසයක් නැහැ.

සහරාන්ගේ ප‍්‍රහාරය ප‍්‍රයෝජනයට ගනිමින් අද ඇමරිකාව අපේ රට තුළ තමන්ගේ අරමුණ ඉටු කරන්න පටන් අරන්. මේවා පරාජය කළ හැකි නායකත්වයක් තමයි අපි රටේ බලය ගෙන ආ යුත්තේ ”

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට අභයතිස්ස හිමියෝ මෙසේ පිළිතුරු දුන්හ.

ප‍්‍රශ්නය – ජාතික වියත් පවුර හදාගත් වැඩපිළිවෙළ ක‍්‍රියාවට නැංවීමට දේශපාලන නායකත්වයක් තෝරාගැනීමට බලපොරොත්තු වෙනවාද?

පිළිතුර – අනිවාර්යයෙන්ම. දේශපාලන නායකත්වයක් නැතිව අපිට මේක ක‍්‍රියාත්මක කරන්න බැහැ.

ප‍්‍රශ්නය – ඒ නායකත්වය කවුද කියලා තීරණය කරලා නැද්ද?

පිළිතුර – අපි දිනන නායකයෙක් තමයි තෝරාගන්නේ. හැබැයි යහපාලන කණ්ඩායමෙන් පිට පිරිසක් තමයි අපි තෝරාගන්නේ.

ප‍්‍රශ්නය – යහපාලන කණ්ඩායම තෝරාගන්නේ නැත්නම් දිනන කණ්ඩායමකට සහය දෙනවා නම් ඔබ මේ නොකියා කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙනවා කියන එකද?

පිළිතුර- ඔවුන් තවම අපේක්ෂකයා ඉදිරිපත් කර නැහැ. ගෝඨාභය මහතා ඉදිරිපත් කරන බවත් කියනවා. ඔවුන් ඉදිරිපත් කරන නායකයා කවුද කියන අනුව අපි කියන කාරණා ඉෂ්ට කළ හැකි අයෙක් නම් අපි සහය දෙනවා. නැත්නම් විකල්ප නායකත්වයක් තෝරගන්න වෙනවා. අපි විශ්වාස කරනවා ඔවුන් ඉදිරිපත් කරන නායකයා මේකට සුදුසු කෙනෙක් වෙයි කියලා.

ප‍්‍රශ්නය – මම කෙළින්ම අහන්නද? ඔබ පිළිගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනවා නම් පමණයි නේද?

පිළිතුර – වෙන්න පුලූවන්. එහෙත් ඔහු අපේ වැඩපිළිවෙළ ක‍්‍රියාවට නංවන්න සූදානම් වෙන්න ඕන. රිෂාඞ් බදියුදීන්ලා වැනි අන්තවාදීන් සමග ගනුදෙනු කරන්නෙත් නොවිය යුතුයි.

ප‍්‍රශ්නය -ඔබ වහන්සේට විශ්වාසද පොදුජන පෙරමුණ රිෂාඞ්ලා එකතු කරගන්නේම නැතිවෙයි කියලා?

පිළිතුර – එහෙම කළොත් ඒක තමයි ඔවුන්ගේ පරාජය.

රිෂාඩ්ලා එක්ක එකතු වුනොත් ඉදිරි ජනාධිපතිවරණයෙන් පොදුජන පෙරමුණ පරාදයි

රිෂාඩ්ලා එක්ක එකතු වුනොත් ඉදිරි ජනාධිපතිවරණයෙන් පොදුජන පෙරමුණ පරාදයි – මැදගොඩ අභයතිස්ස හිමි සහතික කොට කියයි

Gepostet von Lanka Lead News am Donnerstag, 8. August 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More