දේශීය පුවත්

ඉදිරියේ එළඹෙන්නේ ත්‍රස්තවාදය සහ අන්තවාදය පරදවන යුගයක් බවත්, රිෂාඩ් බදියුදීන්ලාගේ ජයග්‍රාහී යුගය අවසන් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය.

රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයා ගේ සහාය ලැබෙන කෙනා මෙවර පරාජයට පත්වෙනවා. මොකද එතුමත් එක්ක මේ රටේ ජනතාව ඉන්නේ පුදුම වෛරයකින් සහ කළකිරීමකින්. ඒ නිසා රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයාගේ සහය මෙදා පාර ප්‍රාර්ථනා කරන්නේ පරාජය රසවිඳීමට කැමති අය විතරයි.

එතුමා සහය දුන් අපේක්ෂකයා ඡන්ද තුනකදී ජයග්‍රහණය කළ බව ඇත්තයි. නමුත් අටලෝ දහමින් කියවෙනවානේ සැපක් ලැබුණොත් දුකක් ලැබෙන බව. ජයග්‍රහණයක් ලදහොත් පරාජයක් ලබන්නට සිදුවන බව.

රිෂාඩ් බදියුඩීන් අමාත්‍යතුමනි ඔබගේ ජයග්‍රාහී යුගය අවසන්. දැන් උදාවන්නේ ඔබ පරදින යුගයයි. මේ ත්‍ර්සතවාදය පරදින යුගයයි, අන්තවාදය පරදින යුගයයි, පරිසර විනාශකයන් පරදින යුගයයි, කියන එක මම නොවෙයි මේ රටේ ජනතාව නොවැම්බර් මාසයේ ඔප්පු කරලා පෙන්නාවි.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More