ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගනු ලැබුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා මිස තමන් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ කොළඹ, කිංග්ස්බරි හෝටලයේදී අද (08දා) උදෑසන පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා දරුණු මිනිසෙකු නොවන බවත්, එබැවින් කිසිවෙකු ඔහුට බියවිය යුතු නොමැති බවත් බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර, ප්‍රතිපත්තියක් හඳුනා ගැනීමට නොහැකිව ආණ්ඩුව අභ්‍යන්තරයේම ආණ්ඩුව පිළිබඳ අරගලයක් හට ගෙන ඇතැයි ඒ මහතා සඳහන් කර සිටියේය.
එළැඹෙන 11 වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීම නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික මහා සම්මේලනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...