ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු තිදෙනා නිදොස්කොට නිදහස් කිරීමට විශේෂ මහාධිකරණය තීන්දු කර තිබේ.
නීතිපතිවරයා ඔවුන්ට එරෙහිව මෙම නඩු පවරනු ලැබුවේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 24 ක් යටතේයි.
සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව පසුගිය ජුලි මස 6දා කැඳවූ අවස්ථාවේදී විත්තිය සහ පැමිණිලි පාර්ශ්වයෙන් නඩුවට අදාළ ලිඛිත දේශනා භාරදී තිබේ.
ඒවා බාර ගැනීමෙන් පසුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දන්වා සිටීම වැඩිදුර ලිඛිත දේශන තිබේනම් ඒවා ජුලි දොළොස් වන දා ඉදිරිපත් කරන ලෙසයි.
ඉන් අනතුරුව තීන්දුව අගෝස්තු මස 8 වනදා ප්‍රකාශයට පත් කරන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...