රට පුරා අලවා ඇති ‘‘ විස්සයි 20ට අපෙන් සජිත්‘‘ යන පෝස්ටරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවුලට පත්ව ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2019 වසරේ වන අතර එසේ තිබියදී මෙවර පෝස්ටරයක් නිර්මාණය කර රට පුරා අලවනු ලැබුවේ කවුරුන් විසින් කුමන අරමුණක් සඳහාද යන්න පිළිබඳ ගැටළුවක් මතු වීම නිසාය.
මැතිතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ වනවිට ජනාධිපතිවරණය නොවැම්බර් 15 දෙසැම්බර් 04 අනිවාර්යෙන් තබන බවට ප්‍රසිද්ධ කර තිබියදී මෙවැනි පෝස්ටරයක් ඇලවීම ගැන සජිත් අවුලට පත්ව ඇති බව වාර්තා වේ. A4 ප්‍රමාණයේ පෝස්ටරයක් මේ සඳහා යොදාගෙන තිබූ අතර පසුව එය අනුකරණය කරමින් සජිත්ට සහාය දෙන පිරිස් මෙය විශාල කර පෝස්ටර් ව්‍යාපාරය දියත් කර ඇති බවද මේ අතර වාර්තා වේ
මෙය සිදුකර ඇත්තේ එජාපය දෙකට බෙදී මේ කොන්ත්‍රාත්තුවක් ලබා ගෙන සිටින කල්ලියක් විසින් ද යන සැකය ද මේ වන විට සජිත් පාර්ශ්වයට ඇතිව ඇතැයි පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...