දේශීය පුවත්

උණ රෝගය සඳහා ඇස්ප්‍රින් ඇතුළු ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ භාවිතයෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙන්නේ පසුගිය දිනවල මෙම ඖෂධ භාවිතා කරන ලද රෝගීන්ගේ රෝගය උත්සන්නවීම් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බවයි.

ඇස්ප්‍රින්, ඉබුප්‍රොෆෙන්, ඩයික්ලොෆිනැන් සෝඩියම් සහ මෙෆනමික් ඇසිඩ් වැනි ප්‍රති ආසාත්මික වේදනා නාශක ඖෂධ හෝ ස්ටීරොයිඩ් ගණයට අයත් ප්‍රෙඩ්නිසිලෝන්, මිතයිල් ප්‍රෙඩ්නිසිලෝන්, ඩෙක්සාමෙතසෝන් යන ඖෂධ උණ රෝගී තත්ත්වයෙන් පෙලෙන රෝගියෙකුට ලබා නොදිය යුතු බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

යම් හෙයකින් අදාල ඖෂධ භාවිතා කිරීමේදී රෝගීය ඩෙංගු රෝගියෙකු නම් රෝගය උත්සන්න වී මාරාන්තික විමට ද හැකියාව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මේ වන විට ඇතැම් දිස්ත්‍රික්වල ඩෙංගු රෝගීන් වාර්තා වීම පහළ යෑමක් සිදුව තිබුණ ද නිරත දිග මෝසම් වර්ෂාව සක්‍රීයව පවතින බැවින් දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ada derana



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More