ප‍්‍රධාන පුවත්

ඉන්දියාව සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත හෙළීමටත් ඉන්දියාව සමඟ තිබෙන ද්විපාර්ශවීය වෙළෙඳ කටයුතු තාවකාලිකවක නවතා දැමීමටත් පාකිස්තානය තීරණය කර ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් අද (7) පස්වරුවේ පැවැති එරට ජාතික ආරක්ෂක කමිටු රැස්වීමේදී එම තීරණ ගෙන තිබේ.

කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව ඒකපාර්ශවීය ලෙසත් නීති විරෝධී ලෙසත් තීන්දු තීරණ ගන්නා බවට ද පාකිස්තානය චෝදනා කරයි.

ඉන්දියාව එරට පාලනය යටතේ කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ බලතල අහෝසි කිරීමට පියවර ගැනීමත් සමඟ පාකිස්තානය ඉහත තීරණ ගෙන තිබේ. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තියෙන් ඔවුන්ගේ පාලනය යටතේ තිබෙන කාශ්මීරයට අදාළ විශේෂ බලතල ලබා දී තිබූ අතර එම වගන්තිය අහෝසි කිරීමට භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව පියවර ගත්තේය. ඉන්දියාව එම තීරණය ගනු ලැබුවේ එරට ජනාධිපති රාම් නාත් කෝවින්ද්ගේ නියෝග පරිදිය.

ඉහත තීරණ දෙකට අනුව ඉන්දු පාකිස්තාන ද්විපාර්ශවීය සබඳතා, ගිවිසුම්, වෙළෙඳාම් යනාදිය නැවත සලකා බැලීමටත්, මෙම ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අවධානය යොමු කිරීමටත් පාකිස්තානය තීරණය කර තිබේ.

පාකිස්තාන නිදහස් දිනය යෙදී තිබෙන අගෝස්තු 14 වැනිදා කාශ්මීරයට ස්වයං නිර්ණය අයිතිය දිනාගැනීමට සටන් වැදුණු හා දිවි පිදු කාශ්මීර වැසියන් සිහිපත් කිරීමටත් එදින කාශ්මීර ජනතාව වෙනුවෙන් සහයෝගීතා දිනයක් ලෙස නම් කිරීමටත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික ආරක්ෂක කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ. අගෝස්තු 15 වැනිදා ඉන්දියාවට විරෝධය පළ කරමින් ‘අඳුරු දිනයක්’ ලෙස නම් කිරීමට ද එහිදි තවදුරටත් තීරණය කර තිබේ. ඉන්දීය නිදහස් දිනය අගෝස්තු 15 වැනිදාට යෙදී තිබේ.

මේ අතර ඉන්දු -පකිස්ථාන දේශ සිමාවේ ආරක්ෂාව තර කරන ලෙසට ද පාකිස්ථාන අගමැතිවරයා සිය යුධ ප්‍රධානීන්ට නියෝග කර ඇති අතර ඉන්දියාව ජාතිවාදී පාලන තන්ත්‍රයක් බවත් මානව හිමිකම් උල්ලංඝණය කරන බවටද පාකිස්ථාන අගමැතිවරයා චෝදනා එල්ල කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More