ප්රධාන පක්ෂ දෙක ප්‍රතික්ෂේප කරන ජනතාව විකල්ප ජන බලවේගයක් ලෙස තම පක්ෂයට ආකර්ශනය කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ අපොහෙසත්වී ඇ බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
මහනුවරදී පැවති ‘‘ ජාතික ජන බලවේගය“ සංවිධානයේ පළමු සම්මන්ත්‍රණය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
වර්තමාන සමාජයේ සිටින හොඳම විප්ලවකාරයන්, හොඳම මිනිසුන් තමන් බවට ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් විශ්වාස කරන නමුත් එය එසේ නොවන බව ද ඊටත් වඩා ඔහු හොඳ මිනිසුන් විප්ලවවාදීන් සාමාන්‍ය සමාජයේ සිටින බවද එය ජවිපෙ අවබෝධ කර ගත යුතු බවත් ඒ මහතා සදහන් කළේය.
එජාපයට, ශ‍්‍රීලනිපයට හෝ මහින්දට දොස් කීම දැන්වත් නතර කළ යුතු බවත් විකල්පයක් නිර්මාණය නොකිරීමේ වරද ඇත්තේ තම පක්ෂයේ බවත් ඔහු පැවසීය.
ප්‍රධාන දේශපාලන ධාරාවන් පරාජය කළ හැකි එකම බලවේගය තමන් බවත් අනෙක් බලවේග යන්න විනාශ කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ කාලයක් සිදු වූ බවත් ඒ ආකාරයෙන්ම ප්‍රභාකරන් ද සිතූ බවත් ඔහු කියා සිටියේය. නමුත් එය අසාර්ථක ක්‍රමයක් බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...