දේශීය පුවත්

ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ, ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු අද(07) අම්පාර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම තිදෙනා සමඟ පසුගිය සතිය තුළ රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර පොලීසිය මගින් එම සංවිධානයට අයත් පුද්ගලයින් 9දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මොහිදින් බාවා මොහමඩ් රෑම් යන සැකකරු පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ පොළොන්නරුව නායකයා ලෙසද කටයුතු කර තිබේ. මොහු සහාරන් විසින් නුවරඑළිය ප්‍රදේශයේ පැවත්වූ පුහුණු කඳවුරකට සහභාගි වී තිබේ. මෙම පුහුණුවෙන් පසුව අබු අභිරාන් යන අනුවර්ථ නාමය ලබාදී තිබේ. දැනට මොහු නාවල විවෘත විශ්ව විද්‍යාලයේ පාඨමාලාවක් හදාරන බවද තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලීසිය කියයි.

මොහමඩ් රියාල් මොහමඩ් සාජීද් යන අනෙක්  සැකකරු මාවනැල්ල දානගම පදිංචිකරුවෙකි. මොහුද සහාරාන් විසින් පැවැත්වූ නුවරඑළිය පුහුණු කඳවුරට සහභාගි වී ඇති අතර අබු සල්මාන් නැමැති අනුවර්ථ නාමය ඔහුට යොදා තිබේ.

තුන්වෙනි සැකකරු වන මොහමඩි රම්සීන් රැෂ් දි අහමඩ් නාන්ගල්ල තුල්හිරිය වරකාපොල පදිංචිකරුවෙකි. මොහු සහාරන් විසින් පවත්වන ලද හම්බන්තොට පුහුණු  කඳවුරට සහභාගි වී තිබේ. ඔහුට අබු අල් වකාර් යන නාමය ලබාදී ඇති බවද ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.

අම්පාර කොට්ඨාශ භාර පොලිස් අධිකාරි මාරපන මහතාගේ උපදෙස් මත කල්මුණේ පොලිස් අධිකාරි ප්‍රියදර්ශන හේරත් මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More