සිය සිවුදින නිල කාම්බෝජ සංචාරය ආරම්භ කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස කාම්බෝජයේ පොනාම් පේ ගුවන් තොටුපොළින් එරටට ළඟා විය.
කාම්බෝජ රජයේ නිල ආරාධනයක් පරිදි කාම්බෝජයට ළඟා වූ ජනපතිවරයා එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය මාළිගාවේ අමාත්‍ය කෙයියූ කන්හරිත් මහතා ඇතුළු එරට රජයේ ඉහළ මට්ටමේ නියෝජිත පිරිසක් විසින් මහත් හරසරින් පිළිගන්නා ලදී.
සිය සංචාරය තුළදී ජනාධිපතිතුමා කාම්බෝජියා රජු, කාම්බෝජියා අග්‍රාමාත්‍ය ඇතුඵ එරට රජයේ ඉහළ නියෝජිත පිරිසක් සමඟ ද ද්විපාර්ශ්වික සාකච්ජා පැවැත්වීමට නියමිත ය.
දෙරට අතර ආර්ථික, වෙළඳ, සංචාරක මෙන්ම බෞද්ධාගමික සබඳතා පුළුල් කරගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමුකරමින් දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් කිරීමට නියමිතව තිබේ.
අද පස්වරුවේදී ශ්‍රී ලංකා කාම්බෝජියා ව්‍යාපාරික සමුඵවේ සමාරම්භක සැසිය සඳහා ද ජනපතිවරයා එක්වීමට නියමිතය.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...