විදේශ පුවත්

බෞද්ධ ජනතාව බහුතරයක් වෙසෙන ලඩාක් කලාපය ඉන්දීය මධ්‍යම ආණ්ඩුව යටතේ පාලනය වන වෙනම භූමි ප්‍රදේශයක් බවට පත් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඉන්දියාවේ බෞද්ධයන් බහුතරයක් වෙසෙන ප්‍රදේශයක් වෙනම පාලන ඒකකයක් ලෙස නම් කෙරුණු පළමු අවස්ථාව මෙයයි.

හිමාල කඳුකරයේ පිහිටි ජම්මු කාශ්මීරයට අයත් ලඩාක් කලාපයේ වෙසෙන දෙලක්ෂ හැත්තෑදහසක් පමණ වන ජනතාවගෙන් බහුතරය බෞද්ධාගමිකයන්.

එම ජනතාව ඉන්දු ආර්ය සහ ටිබෙට් සම්භවයක් සහිත අය වන අතර ඔවුන්ගේ සංස්කෘතිය බොහෝ දුරට ටිබෙට් සංස්කෘතියට නෑකම් කියයි.

ඉතා සුන්දර හා විචිත්‍රවත් සංස්කෘතියකට හිමිකම් කියන කලාපයක් ලෙසයි ලඩාක් ප්‍රදේශය ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව තිබේ.

ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට අදාළ වූ 370වන වගන්තිය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට පියවරගත් ඉන්දීය රජය ජම්මු හා කාශ්මීරය පාලන ඒකක දෙකක් බවට පත්කිරීමටත් තීරණය කර තිබේ.

ඒ සමඟ ලඩාක් කලාපයද මධ්‍යම රජය යටතේ පාලනය වන වෙනම ඒකකයක් බවට ඉන්දීය බලධාරීන් තීරණය කර ඇති බව සඳහන් වෙයි.

ඒ අනුව වැඩි බෞද්ධ ජනතාවක් වෙසෙන ඉන්දීය පාලන ඒකකය බවට ලඩාක් කලාපය පත්වනු ඇති.

ලඩාක් කලාපය වෙනම පාලන ඒකකයක් බවට පත්කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එරට ස්වදේශ කටයුතු ඇමති අමිත් ෂා පැවසුවේ ලඩාක් වැසියන් දීර්ඝ කාලයක සිට මේ සම්බන්ධයෙන් ඉල්ලීම් සිදුකළ බවයි.

කෙසේ නමුත් එහිදී ලඩාක් කලාපයට, පාලන ඒකක වශයෙන් ජම්මු හා කාශ්මීරයට හිමිවන තරමේ තත්ත්වයක් ලබාදී නැහැ.

මේ සම්බන්ධයෙන් ඊයේ(06) දිනයේ දී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශයක් කර තිබුණේය.

එහි සඳහන්ව තිබුණේ ලඩක් ප්‍රාන්තයේ සියයට 70ක් බෞද්ධ ජනගහණයක් වෙසෙන නිසා, ඉන්දීය රජය ගත් මෙම අභ්‍යන්තර තීරණයත් සමඟ බෞද්ධ බහුතරයකින් යුතු ප්‍රථම ඉන්දීය ප්‍රාන්තය බවට ලඩක් පත්වන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More