හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකව හමු නොවිමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් තීරණය කර ඇති බව වාර්තා වෙයි.
පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට සූදානම් වන බවට සිදුවන කතා බහ හා එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් හා අමාත්‍ය සාගල රත්නායක යන මහත්වරුන් පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී පෞද්ගලිකව සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ විරෝධය එල්ලවීමත් එයට හේතුව වී තිබේ.
එබැවින් මේ අවස්ථාවේ පෞද්ගලිකව ගෝඨාභය රාජපක්ෂ මහතා හමු නොවීමේ තීරණයට එළැඹ තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...