දේශීය පුවත්

මුස්ලිම් පල්ලිවල තිබී භාරයට ගැණුණු පොරව සහ මන්නා පිහි තොගයක් නැවත අදාළ පාර්ශ්වයන්ට භාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

ඒ, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගේ අනුදැනුමකින් තොරව ඒවා යළි ලබාදීමට කටයුතු කිරීම හේතුවෙනි.

වෙලම්බඩ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා මෙලෙස මුස්ලිම් පල්ලිවලින් සොයා ගැණුනු මන්නා පිහි 76 ක් සහ අත් පොරව 13 ක් යළි ලබාදීමටයි පොලිස් පොතේ සටහනක්ද තබමින් සූදානම්ව තිබුණි.

මේ වනවිට මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ රාජකාරී කටයුතු සඳහා අනියුක්ත කර සිටින වෙලම්බඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ශාන්ත බණ්ඩාර වෙත මෙම ආයුධ යළි මුදා හැරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තාවීමත් සමග ඔහු විසින් එය නතර කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.

හජ්ජි උත්සවය සඳහා ගවයන් ඝාතනය කිරීමට එම ආයුධ අවශ්‍ය බව පවසමින් අදාළ මුස්ලිම් පල්ලිවල පිරිස් මේවා යළි ඉල්ලා ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More