දේශීය පුවත්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලබන 11 වැනිදා පවත්වන සම්මේලනයට සහභාගී නොවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම තීරණය කර තිබේ.

ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ පැවති රැස්වීමේදී ගත් තීරණයක් අනුවය.

ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර කියා සිටියේ “ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීම තිබුණා. තාමත් සාකච්ඡා පැවැත්වෙමින් යන නිසා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලබන 11 වැනිදා පවත්වන සම්මේලනයට සහභාගී නොවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායම තීරණය කළා. මේක ඒකමතික තීරණයක්. අපිට වැදගත් වෙන්නේ පුද්ගලයා.අපේක්ෂකයා හෝ පක්ෂය නෙමෙයි. අපිට වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති මාලාව. ” යනුවෙනි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ජාවලදී එළැඹි එකඟතා සහ ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබදවද දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයා මෙහිදි අදහස් පළ කළා.

“ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේ තවදුරටත් අපි ඉන්නවා. එතනින් පමණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වෙන්නේ. ජනාධිපතිතුමාගෙන් ඒ ඉල්ලීම දිගටම කරන්න හේතුව ඒකයි. කෙසේවෙතත් අවසන් තීන්දුව ගත යුත්තේ ජනාධිපතිතුමා. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ජාවලදී එළැඹි එකඟතා පිළිබඳ මාධ්‍යට කියන්න විදිහක් නෑ. ඉදිරියේදී ගන්නා තීරණ අනුව ඒ පිළිබඳව පැහැදිළි වෙයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More