පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට වැටුපට අමතරව රුපියල් ලක්ෂ 02 ක දීමනාවක් ලබා දීමට ඊයේ (06 දා) කැබිනට් මණ්ඩලයට ගෙන ආ යෝජනාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම යෝජනාව ගෙන ආ අවස්ථාවේ තමා ඊට විරුද්ධ වූ බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ශී‍්‍ර ලංකාවට සුපිළිපන් නව දේශපාලන සංස්කෘතියක් සඳහා යෝජිත නිර්දේශාවලිය පිළිගැන්වීම වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් කියා සිටියේය.
කැබිනට් මණ්ඩලයේදී ගෙන ආ යෝජනාවට මා විරුද්ධ වීම නිසා මැති ඇමැතිවරුන් නොසතුට පළ කළ බව ද දැනටමත් මන්තී‍්‍රවරයකු ලක්ෂ 04 ක පමණ වැටුප් සහ දීමනා ලබන බව පෙන්වා දෙමින් තමා එම යෝජනාවට විරුද්ධ වූ බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...