එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර රහසිගත සාකච්ඡාවක් ඊයේ (06) රාත්‍රීයේ පැවැත්වුණු බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ.
අරලිය ගහ මන්දිරයේදී පැවැත්වුණු මෙම සාකච්ඡාවට ඒ දෙදෙනා හැරෙන්නට වෙනත් කිසිවෙකුත් සහභාගී වී නැතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කරයි.
පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය හා තවත් දේශපාලන කරුණු කිහිපයක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙන බව දැනගන්නට ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීමෙන් පසුව මෙම සාකච්ඡාවට සහභාගී වී තිබිණැයි පැවැසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...