නිදහස් ලංකාවේ කර්මාන්ත ප්‍රතිපත්තියක් අද වන තෙක් නොමැති බවට රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.
ඊයේ(05) රාත්‍රීයේ අද දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වු 360 සජීවි වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
පොන්නම්බලම් මහතා අතීතයේ කර්මාන්ත ඇමතිව සිටිය දී සිට අද වන විට තමා දක්වා වු කාලය තුළ ලංකාවේ කර්මාන්ත ප්‍රතිපත්තියක් නොමැති බවද බුද්ධික මහතා පැවසීය.
දේශිය වෙළඳ ප්‍රතිපත්තියක් හා තෘත්‍රීක අධ්‍යාපන ප්‍රතිපත්තියක් ද මේ වන විට සකස් කරමින් සිටින බව පැවසු බුද්ධික මහතා, කොම්පැනිවලට යට වු “පෙන්දෝ“ යම් අවස්ථාවල වගකීම් දැරිමද මෙයට හේතුවක් බවයි.
මෙරටට ගෙන්වු ඇතැම් එළදෙනුන් ඇති කිරීමට වායු සමීකරණ අවශ්‍ය බවත් ප්‍රශ්නය ඇත්තේ එවැනි තීරණ ගන්නා පුද්ගලයින් ගොන්නු වීම බවද මෙහිදී බුද්ධික පතිරණ මහතා කියා සිටියේය.
දේශාපලඥයින්ට වෛර කරන රටක් සැදී ඇත්තේ මේ නිසා බවද පැවසු පතිරණ මහතා, රටේ අනාගතය “බූරු හොරු රැළකට බාර“ දෙන බවද පැවසීය.
මෙය වසර 71 පුරා සිදුව ඇති ඛේදවාචකයක් බවත් බුද්ධික පතිරණ මහතා වැඩි දුරටත් කියා සිටියේය.
අද දෙරණ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...