විදේශ පුවත්

එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ, වෝල්මාර්ට් සුපිරි වෙළෙඳ සැලක් තුළ විවෘත වෙඩි තැබීමක් සිදුකරමින් සමූල ඝාතනය සිදුකළ තරුණයා සුදු අන්තවාදියෙකු බව විශ්වාස කෙරෙයි.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් පිරිසක් තුවාල ලැබීය. තුවාල ලැබූවන් අතර අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නන්ද වෙති.

21 හැවිරිදි සැකකරු මෙම ප්‍රහාරයෙන් පසුව පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර, එක්සත් ජනපද මෙක්සිකෝ දේශසීමාව ආසන්නයේ එල් පාසෝ නගරයේ වෙළෙඳ සැලක මෙම ප්‍රහාරය සිදුව තිබුණි.

ඔහු මෙම ප්‍රහාරය දියත් කිරීමට මොහොතකට පෙර අන්තර්ජාලයට මුදාහල ලිපි ගොනුවක සුදු ජාතිකත්වය පිළිබඳව මෙන්ම, අන්තවාදී අදහස් ඉස්මතු කොට තිබේ.

ඇමෙරිකානු හා මධ්‍යම ඇමෙරිකානු රාජ්‍යයන්ගෙන් එක්සත් ජනපදය වෙත සිදුවන සංක්‍රමණවලට විරෝධය පෑමක් ඔහුගේ මෙම ප්‍රහාරයට හේතුව බව විශ්වාස කෙරෙයි.

මේ ආකාරයේම දරුණු ඛේදවාචකයක් මීට පෙර නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයේදී සිදුවූ අතර, එයද සුදු අන්තවාදී ප්‍රහාරයකි.

එමෙන්ම, ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ ප්‍රහාරයෙන් පැය 24ක් ඉක්ම යන්නටත් මත්තෙන්, ඔහයිඕ ප්‍රාන්තයේ අවන්හලක් ඉදිරිපිට සිදුවූ තවත් වෙඩි තැබීමකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

මෙම ප්‍රහාරයත් සමග එක්සත් ජනපදයේ ටෙක්සාස් හා ඔහයිඕ ප්‍රාන්තවල ජනතාව දැඩි භීතියකට පත්ව ඇති අතර, එක්සත් ජනපදයේ ගිනිඅවි පාලන නීති සම්බන්ධයෙන් දැඩි කතාබහක් යළිත් කරළියට පැමිණ තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More