දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානය පරාජය කරමින් දෙමළ ජනතාව අතරට ගෙන යා යුතු යෝජනා ගැන අවධානය යොමු කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

විපක්ෂ නායකවරයාගේ විජේරාම නිල නිවසේදී පක්ෂ කිහිපයක නියෝජිතයින් සමඟ ඊයේ(05) සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එය අවසන් කර මාධ්‍ය වෙත අදහස් දක්වමින් වාසුදේව මහතා මෙම අදහස් පළ කළේය.

දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂ ගණනාවක නායකයින් සමාජවාදී ජනතා පෙරමුණ සමඟ එක්ව මහින්ද රාජපක්ෂ මහතා හමුවු බවත් පසුව දෙමළ ජාතික සන්ධානය පරාජය කරමින් දෙමළ ජනතාව අතරට ගෙන යා යුතු යෝජනා කෙරෙහිද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වු බව වාසුදේව මහතා පවසයි.

රිෂාඩ් බදියුදීන් දිනන පැත්තට සහය දක්වන බව පවසා ඇතැයි මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් ඒ මහතා කියා සිටියේ, තම අපේක්ෂකයා දිනන අවස්ථාවේ දී සියලු දෙනා ඒහා එක් වෙන බවයි.

“එනකොට අපි කාටවත් කියන්නේ නෑ එන්න එපා එන්න එපා කියලා. නමුත් අපි තෝරා බේරා ගත යුතුයි කවුරුන් සමඟ ද අපි එකට බුදියන්නේ කියලා“ යනුවෙන් ද එහිදී වාසුදේව මහතා කියා සිටියේය.

බුදියන්නේ කාත් එක්කද කියල තෝරාගන්න ඕන – වාසුදේව

බුදියන්නේ කාත් එක්කද කියල තෝරාගන්න ඕන – වාසුදේව

Gepostet von Ada Derana Sinhala am Dienstag, 6. August 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More