විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකුව සිටියදීම මේ මස 11 වැනිදා නිල වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් නීතීමය ගැටලුවක් උද්ගත වුවහොත් ඊට මුහුණදීමට පක්ෂයක් ලෙස සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතා එලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුව සිටියදී වෙනත් පක්ෂයක නායකත්වය ගැනීමෙහි කිසිදු වරදක් නැතැයි පෙන්වා දුන් සභාපතිවරයා එහෙත් එවැනි නෛතික ගැටලුවක් උද්ගත වුවහොත් ඊට මුහුණදීමට අවශ්‍ය පසුබිම සකස් කර ඇති බවද කීය.
කෙසේ වුවද එවැනි තත්ත්වයක් ඇති නොවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශ්වාසය තබා ඇතැයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කර සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...