දේශීය පුවත්

එළඹෙන අගෝස්තු 11 දා පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ සමුළුවේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්‍රමුඛ දේශපාලන පක්ෂ වලින් කිහිප දෙනෙකු එම පෙරමුණට එක්වන බවට මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පසුගියදා රෝහලේ ගතව ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා බැලීමට පැමිණි අවස්ථාවේදී ඒ මහතා මේ බව කියා සිටියේය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක මහතා සහ අමාත්‍ය කබීර් හෂීම් මහතා පසුගිය 4 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

මීට මාස කීපයකට පෙර කබීර් හෂීම් අමාත්‍යවරයා අසනීප තත්ත්වයේ සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිතුරු දලිත් ජයවීර දැනුම්දීමකින් තොරව ඇමතිවරයාගේ නිවසට පැමිණ ඇති අතර එයට කෘතගුණ සලකීමක් ‍ලෙස වෛද්‍ය ප්‍රතිකාර වලින් පසු යළි දිවයිනට පැමිණ සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් බැලීමට නිවසට ගොස් ඇති බවද මාධ්‍ය වාර්තා පළවේ.
කෙසේ වුවද සාගල දැකීමෙන් පසු කබීර් හෂීම් අමාත්‍යවරයා වහාම එම නිවසින් බැහැරව ගොස් ඇති බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More