සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන 1794 ක් අස්ථාන ගතවි ඇති බව විගණකාධිපතිවරයා විසින් සිදුකරන ලද විශේෂ විගණනයකින්ද හෙළිදරව්වී තිබේ. ඒ අනුව අදාල වාහන සොයා ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරන ලෙසද විගණකාධිපතිවරයා එම වාර්තාවෙන් නිර්දේශ කර තිබේ.
එසේම අදාල වාර්තාවෙන් පෙන්වාදී ඇත්තේ සීඒ/1/17/1 දරණ චක්‍රලේඛයට අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට භාවිතා කිරීමට හිමිකම් ඇත්තේ අමාත්‍යාංශය සතු වාහන තුනක් පමණක් වුවද ඔහු වාහන 18 ක් භාවිතා කර ඇති බවයි. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ද අමාත්‍යාංශයෙන් හිමිකම් ලබන වාහන 3 ට අමතරව තවත් වාහන 8 ක් භාවිතා කර ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සතු වාහන 575 ක් අතුරුදන් වි ඇති බව දන්වමින් එම අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර තිබේ.
ඒ අනුව පොලිස් මූලස්ථානය මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අදාල වාහන පිළිබදව සොයාබලා එළඹෙන 10 වනදාට පෙර වාර්තා කරන ලෙස අදාල වාහනවල අංක සමගින් නියෝජ්‍ය පොලිස්පති එල්.ඒච්.ඒ.ඩබ්ලිව්.කේ.සිල්වා මහතාගේ අත්සනින් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කොට්ඨාශ රැසකට දන්වා තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...