දේශීය පුවත්

අසාද් සාලි පදනමට බව පෙන්වා කොළඹ වොක්ස්ෂෝල් වීදියේ පිහිටි සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් ගබඩාවක් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් බදු පදනම මත ලබා ගැනීම සහ බදු මුදල් නොගෙවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය ඊයේ (5 දා) කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක මහතාට දැනුම් දුන්නේය.

2018 වසර වන විට හිඟ බදු මුදල් හා විදුලි බිල් ලෙස තිස්හතරලක්‍ෂ හතළිස්හතරදහස් 257 ක මුදලක් හිඟ ලෙස ගෙවීමට ඇති බවත් සතොස සභාපතිවරයාගේ උපදෙස් මත හිටපු මානව සම්පත් කළමනාකාර අචිචි මොහොමඞ් මොහොමඞ් ඉබ‍්‍රාහිම් නමැත්තා විසින් එකී ගබඩාව අසාද් සාලි පදනමට ලබාදී ඇති බවට මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ රිෂාඞ් බදුර්දීන් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පැමිණිලි භාර ගැනීම සිදුකළ ඉකුත් 12 වැනිදා පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව එකී විමර්ශන ආරම්භ කළ බවද එමගින් විමර්ශන නිලධාරීන් අධිකරණයට වාර්තා කොට තිබිණි.

අසාද් සාලි පදනමට ලබාගත් එකී ගබඩාව එම පදනම විසින් 2018.10.05 වැනිදා වියළි හාල්මැස්සන් ගබඩා කිරීම සඳහා අහමඞ් මොහොමඞ් අෂ්රොෆ් සහ අහමඞ් මොහොමඞ් නමැති මුස්ලිම් ව්‍යාපාරිකයන් දෙදෙනාට රුපියල් දෙලක්‍ෂ දසදහසක කුලී මුදලකට අසාද් සාලි පදනමේ නසාර් නමැත්තා විසින් ලබාදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය. අසාද් සාලි පදනම ලියාපදිංචි නීත්‍යනුකූල පදනමක් නොවනා බවත් එමගින් පෙන්වාදී තිබූ මූල්‍ය අපරාධ කොට්ඨාසය රාජ්‍ය දේපළක් වන සතොස ගබඩාවක් එලෙස නීත්‍යනුකූල නොවන ආකාරයෙන් බදු පදනම මත ලබාදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය දුරකථන සම්බන්ධ විස්තර දුරකථන සමාගම් හතරකින් ලබා ගැනීමට නියෝග නිකුත් කරනා ලෙසද ඉල්ලා සිටියේය. එකී කුලි ගිවිසුම සතොස නීති අංශය විසින් නිල වශයෙන් අත්සන් කිරීමට අදාළ ලේඛන ඉදිරිපත්වී නොමැති බවත් එය අර්ධ වශයෙන් අත්සන් කළ ගිවිසුමක් බවට ලබාගත් සාක්‍ෂි අනුව අනාවරණය වී ඇති බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.

දිවයින



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More